අන්තර් ජාලයට සම්බන්ධ වී සිටින ඕනෑම පරිගණකයකට ඉතාම වේගයෙන් හොර රහසේ ඇතුළු
වී පරිගණකය භාවිතා කරන්නාගේ තොරතුරු සහ එම ස්ථානයේ සිදුවන සියලුම සිදුවිම
දැනගත හැකි ලොව භයානක ‘ෆ්ලෙම්‘ නැමැති වෛරසය පිළිබඳ මේ වන විට තොරතුරු හෙළි
වි තිබේ.
මෙතෙක් භයානක ලෙස සැලකූ සියලු වෛරස්වලට වඩා සිය ගුණයකින් ප්‍රබල මේ වෛරසය
රාජ්‍ය රහස් සොයා ගැනීම සඳහා භාවිත කර ඇති බවට තොරතරු හෙළි වි ඇතැයි ද
වාර්තාවේ.
ෆ්ලේම්
පරිගණක වෛරසය පිළිබඳ රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන දැනුවත් කිරීමට පියවර ගෙන
ඇති බව ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය සඳහන් කරයි.
ෆ්ලේම්
වෛරසය මිට වසර පහකට ඉහතදී නිර්මාණය කර පරික්ෂණ මට්ටමේ ක්‍රියාත්මක වී ඇති
බවට තොරතුරු ලැබි ඇති අතර මේ වන විටත් මේ වෛරසය යොදා ගනිමින් ඉරානයේ සහ
ඊශ්‍රායලයේ රාජ්‍ය මට්ටමේ තොරතුරු ලබා ගෙන ඇතැයි ද වාර්තාවේ.
මේ වෛරසය පාලනය කරන ස්ථානයේ සිට ඕනෑම රටක අන්තර් ජාලයට සම්බන්ධවී ඇති
පරිගණක මඟින් සිදුවන දේ ඇහුම්කන් දිය හැකි අතර, එම වෛරසය ඇතුළුවන පරිගණකය
ස්වංක්‍රීයව ශ්‍රවණ උපකරණය ලෙස පරිවර්තනය වනු ඇත.
ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසන ලද්දේ ෆ්ලේම් වෛරසය පිළිබඳ තොරතුරු තවදුරටත් ලබා ගනිමින් සිටින බවයි.
එසේම ජාවා තාක්ෂණ ආයතනයේ ප්‍රධානී ආචාර්ය ඉෂාන්ත සිරිබද්දන මහතා කියා
සිටියේ වෛරසය වැළකිම සඳහා ප්‍රතිආරක්ෂණ මෘදුකාංගයක් නිර්මාණය කිරිමට
කැස්පස්කී ආයතනය ලබා දී ඇති බවයි.
ඊයේ ප්‍රවෘත්ති වලට නම් කිව්වේ ගෙවල් වල තියන internet connection වලට මේකෙන් හානියක් වෙන්න තියන ඉඩ අඩුයි කියලයි..
ela
ReplyDelete