මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Sunday, December 27, 2015

මොනවද මේ IP Address


        
        ගොඩක් කාලෙකට පස්සේ පොස්ටුවක් දන්න හිතුණා බ්ලොගියේ. ගොඩක් අයට තියන ප්‍රශ්නයක් වගේම බොහාමයක් අය දන්නේ නැ මොනවාද  IP Address(Internet Protocol) කියන්නේ කියලා.  IP Address එකෙන් කරන ප්‍රධාන කාර්ය තමයි මිතුරනි පරිගණක අතර සබදතාවය පවත්වා ගැනීම. මේ නිසා සෑම පරිගණකයකටම එකටම වෙන්වුණු IP Address එකක් ලබා දීලා තියනවා මිතුරනි එක බලාගන්නේ ඔයාලගේ පරිගණකයේ Command Promt(cmd) එකේ IPCONFIG කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.
       
       මිතුරනි මෙන්න මේ IP Address කොටස් දෙකයි ඒ තමයි IP Version 4 (IPv4) හා IP Version 6 (IPv6).
 උදා_  (IPv4) සඳහා 192.168.173.0 ලෙසින්ද,  (IPv6) සඳහා 2001:db8:0:1234:0:567:8:1 ලෙසින් 
 දැනට ලෝකයේ බහුලවම භාවිතා කරන්නේ IP Version 4 (IPv4), IP Address  වර්ගයි. 

  • IP Version 4 (IPv4) ප්‍රධාන කොටස් දෙකයි.
  1. Network ID 
  2. Host ID
    IPv4 Address එකක් හැදෙන්නේ Bit 32ක එකතුවකිනි. ඒ වගේම බිට් අටක කොටස් හතරක් ලෙස දක්වනු ලබයි. ද්විමය සංඛ්‍යා ලෙස දක්වන අතර භාවිතයේ පහසුව වෙනුවෙන් දශමය සංඛ්‍යා ලෙස භාවිත කරයි.   IPv4 භාවිතා කර දළ වශයෙන්  බිලියන 4.3 ක IP ලිපින ( 232) ලබා දීමේ හැකියාව පවතී.
    පහත උදාහරණය බලද්දී ඔයලට තේරුම් ගන්න පුළුවන්  IPv4 Address එකක් සෑදෙන ආකාරය


    •  IP Version 6 (IPv6) 
     
         IPv6 හෙවත් Internet Protocol version 6 (IPv6)  යනු Internet Protocol හි නවතම සංස්කරණයයි. IPv6 IP ලිපින නිර්මාණය වී ඇත්තේ 128- bits වලින්ය. එහි ධාරිතාවය 2128 කි. IPv6 IP ලිපිනයක් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. එනම් 64-bit network prefix එකකින් හා  64-bit host address part කිනි. මෙම IP ලිපිනයක් 16 පාදයේ අගයන් වලින් සමන්විත කොටස් 8 ක වෙන් වන අතර සෑම කොටසක්ම “ : ” යන ලකුණෙන් වෙන් වේ.

    ඔන්න එහෙනම් මන් ගියා යෝජනා චෝදනා දාන්න පහලින්......!!!!



sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

1 comments:

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.