පුංචි
රෙඩ් රයිඩින් හුඩ් ජීවත් වුණේ කැළයක. එයාගෙ අම්මත් එක්ක. එක දවසක් පුංචි
රෙඩ් රයිඩින් හුඩ් ආත්තම්මව බලන්න පිටත් වුණා. නිකම්ම නෙවෙයි, අම්මා හදලා
දුන්නු කේක් එකකුත් අරගෙනයි. එහෙම යන අතරතුරේදී එයාට වෘකයෙක්ව මුණගැසුනා.
“කොහොමද!” වෘකයා ඇහුවා. “ඔයා කොහෙද යන්නේ?”. එතකොට රෙඩ් රයිඩින් හුඩ්
කිවුවා “මම යන්නෙ මගේ ආත්තම්මව බලන්න. එයා ජීවත් වෙන්නෙ අර ගස් වලට
පිටුපසින් තියෙන ගෙදර” කියලා. වෘකයා ආච්චිගෙ ගෙදරට දුවලා දුවලා ගියා. ඊට
පස්සේ ඌ ආච්චිව ගිලලා දාලා ආච්චි හිටපු ඇඳට වෙලා හිටියා. ටික වෙලාවකට
පස්සෙ, පුංචි රෙඩ් රයිඩින් හුඩ් ආච්චි ඉන්න ගෙදරට ආවා. ඊට පස්සෙ එයා ඇඳට
වෙලා ඉන්න වෘකයා දිහා බැලුවා. එතකොටම පුංචි රෙඩ් රයිඩින් හුඩ් හොඳටම භය
වෙලා ඇහුවා “ආත්තම්මේ, මොනතරම් ලොකු ඇස්ද ඔයාට තියෙන්නේ” කියලා. එතකොට
වෘකයා කිවුවා “ ඒ ඔයාව හොඳට බලාගන්න, මගෙ පැටියෝ” කියලා. “ආත්තම්මේ,මොනතරම්
ලොකු කන් දෙකක්ද ඔයාට තියෙන්නේ”. “ ඒ ඔයාව හොඳට ඇහෙන්න, මගෙ පැටියෝ” වෘකයා
කිවුවා. “ආත්තම්මේ, මොන තරම් ලොකු නහයක්ද ඔයාට තියෙන්නේ”. “ඒ ඔයාගෙ සුවඳ
හොඳට දැනෙන්න, මගෙ පැටියෝ” වෘකයා කිවුවා. “ආත්තම්මේ, මොන තරම් ලොකු දත්ද
ඔයාට තියෙන්නෙ”. එතකොට “ඒ ඔයාව හොඳට හපලා කන්න” කියලා කියාගෙන වෘකයා පුංචි
රෙඩ් රයිඩින් හුඩ්ගේ ඇඟට පැන්නා. එතකොටම පුංචි හුඩ් මහා හයියෙන් කෑ
ගැහුවා. මේ කෑ ගැහිල්ල ඇහිලා එතන තියෙන වනාන්තරේට වෙලා හිටපු දර කපන්නෙක්
පුංචි හුඩ් ඉන්න ගෙදරට දුවගෙන ආවා. ඇවිල්ලා එයා එයාගෙ පොරවෙන් වෘකයාගේ
ඔළුවට ගහගෙන ගහගෙන ගහගෙන ගියා. එතකොට වෘකයා මහ හයියෙන් කට ඇරලා කෑ ගැහුවා.
එහෙම කෑ ගහනකොට එයාගෙ බඩේ හිටපු ආච්චි එළියට පැන්නා. ඊට පස්සෙ වෘකයා ඈතට
ඈතට දුවගෙන ගියා. පුංචි රෙඩ් රයිඩින් හුඩ් ආයේ කවදාවත්ම ඒ වෘකයව දැක්කේ නෑ…
කතාව ලස්සනයිද? මම හිතන්නේ හැම කෙනෙක්ම වගේ මම ඒ දැන් කියපු පුංචි රෙඩ්
රයිඩින් හුඩ්ගේ කතාව අහලා ඇති. මම ඔය මට පුළුවන් උපරිම සරල විදිහට ඒ කතාව
කිවුවෙ. මේක පුංචි ගැහැණු ළමයෙක් සහ නපුරු වෘකයෙක් ගැන කියවෙන කතාවක්.
මෙහෙම කිවුවට වෙන වෙන රටවල් වලට යද්දී මේ කතාව සමහර තැන වලදී වෙනස් වෙනවා.
මේකෙ මුල්ම කතාව ලියලා තියෙන්නෙ Charles Perrault කියන ප්රං ශ ජාතික ලේකඛයා
විසින්. ඒ කතාවෙදි නම් වෘකයා ආච්චිවත් කාලා හුඩ්වත් කනවා. එතනින් කතාව ඉවර
වෙනවා. හැබැයි පසුව වෙච්ච සංස්කරණ වලදි නම් එතනින් කතාව ඉවරවෙන්නේ නෑ. ගස්
කපන්නෙක්, නැත්නම් සමහර තැන්වල කියවෙන්නෙ දඩයක් කාරයෙක් කියලා, ඇවිල්ලා
දෙන්නවම බේරගන්නවා.
එහෙම
ඉතින් නම සමාන වුනාට කතාව ටිකක් විතර වෙනස්. බලපු අය දන්නවා ඇතිනෙ… වැලරි
කියන්නෙ ඩැගර්හෝන් කියන ගමේ ජීවත්වෙන තරුණ ගැහැණු ළමයෙක්. මෙයා පීටර් කියන ඒ
ගමේම කොල්ලෙක් එක්ක යාළුවෙලා ඉන්නේ. ඉතින් මෙයාලා ජීවත්වෙන ගමට නර
වෘකයෙකුගෙන් වසර ගණනක ඉඳලා කරදර සිද්ධ වෙනවා. මේ සිදුවීම් අස්සේ වැලරිගේ
දෙමාපියන් තීරණය කරනවා එයාව හෙන්රි කියන සල්ලිකාර කොල්ලට බන්ඳලා දෙන්න. ඒ
වුනත් වැලරි ආදරෙය කරන්නෙ පොඩි කාලෙ ඉඳන්ම එකට හිටිය පීටර්ටයි. ඉතින් මේ
වැලරියි පීටරුයි තීරණය කරනවා ගමෙන් පැනලා යන්න. නමුත් එයාලට යන්න ලැබෙන්නෙ
නෑ. ඔවුන් යන්න හදනකොට වැලරිට දැනගන්න ලැබෙනවා එයාගෙ අක්කව නර වෘකයා විසින්
මරලා දාලා කියලා.ඊට පස්සෙ මේ ගමේ ඉන්න ඕගස්ට් කියන පූජක වරයා මේ ගමට
සොලමන් නම් පූජකවරයව ගෙන්නනවා, මේ නර වෘකයාව මරන්න කියලා… ඊට පස්සෙ මොකද
වෙන්නේ… ඔයාලම බලන්න.
එහෙනම් පහලින් බාගන්නකො
මෙන්න එහෙනම් බාගන්න
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
0 comments:
Post a Comment