මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Saturday, October 11, 2014

Photosop වලින් ලස්සන FB Cover Photo එකක් හදමු..

  

   මිතුරනි තවත්  photoshop ලිපියක් අරගෙන ඔය‍ාල‍ා හමුවට ආවා... අද මං ඔය‍ාල‍ට කියල‍ා දෙන්න‍ේ නියම ප්‍රමාණය‍ට ෆේස් බුක් ටයිම් ලයින් එක‍ට දාන්න කවර් ෆොටෝ එකක් හදන විදිහ.... මුලින්ම මිතුරනි මෙන්න මේ font එකයි photo එකයි මෙන්න මෙතනින් ගිහින් බ‍ාගන්නකෝ 



 timeline cover pic size කියන පින්තුරය හරි open කරගන්න,  ඒක මං cover pic එකට හරියන්න size කරලා තියෙන්නේ.අපි අලුත් document එකක් හදාගන්න ඕන දැන්. Ctrl +N ඔබන්න ඒකට ඔය පහල තියෙන පින්තුරේ වගේ විස්තර දෙන්න(time line cover pic size)


පියවර 01
 දැන් මිතුරනි හදාගත්තු අලුත් layer එක කළු පාටින් පුරවා ගන්න.paint bucket tool එක යෙ‍ාදාගෙන

පියවර 02
  
මිතුරනි... මීලග‍ට  open කරගත්ත timeline cover pic size කියන පින්තුරය තෝරන්න, දැන් ctrl + a ඔබන්න... දැන් selection එක copy කරගන්න ඕන නිසා ctrl + c ඔබන්න... දැන් මේක අලුතෙන් හදා ගත්ත layer එකට paste කරන්න ඕන. දැන් මිතුරනි අලුත් layer එක තෝරලා  ctrl+v ඔබන්න. දැන් ඔයාලගේ  layer පැලට් එක මෙන්න මේ වගේ තියෙන්න ඕන. මම ඒ අලුතින් ආව ලේයර්  එක නම් කර ගත්තා


පියවර 03
 දැන් මිතුරනි පාට ටිකක් වෙනස් කරගමු .layer 1 තෝරලා ctrl+ u නැතිනම් මිතුරනි (menu එකෙන් මෙන්න මේ විදියටයි යන්න‍ේ Image > adjustments > Hue / saturation) ඊ‍‍ට පස්සේ එන වින්ඩෝවට ගිහින් saturation අගය -60 කර.  ok කරන්න.
 


පියවර 04
දැන් අපි මේ layer 1 එකට layer mask එකක් දාන්න ඕන.ඒ සදහ‍‍ා මිතුරනි.... layer පැලට් එක‍ේ මෙන්න මෙතන ක්ලික් කරන්න (රතු ප‍ා‍ට රවුම).



පියවර 05
දැන් මේ layer mask එකට filter එකක් දාමු. layer mask එක select කරන්න( සුදු ප‍ා‍ට කොටුව  ක්ලික් කරන්න) 
 

දැන් මෙන්න මේ විදියට යන්න (Filters> Render> Clouds)

මිතුරනි.. මෙන්න මේ විදිහ‍ට දිස් වේවි



පියවර 06
දැන් මිතුරනි.. මේ layer දෙකට උඩින් තවත් අලුත් layer එකක් හදන්න (shift+ctrl+n) ,  මම ඒක නම් කරගත්තා R2 කියල‍ා... දැන් මිතුරනි..  ඒක paint bucket tool එක පාවිච්චි කරලා කළු පාටින් පුරවා ගන්න .එකටත් ඉස්සෙල්ල වගේම layer mask එකක් දාන්න දැන් මිතුරනි.. ඔයාලගේ layer palette එක මෙන්න මේ වගේ තියෙන්න ඕන.


පියවර 07
layer palette එකේ.. R2 ලේයර් එකේ  layer mask එක select කරන්න. ( සුදු පාට කොටුව)

දැන් මිතුරනි..  
1. කළු පාට තෝරලා... brush tool එක select කරලා 
2 .අංක 300 brush එක තෝරාගන්න...  
3. ඒකේ size එක 300px අගය දෙන්න,   
මෙන්න මෙහෙම මිතුරනි....
 
 
දැන්  brush tool එකෙන් මෙන්න මේ විදිහ‍ට හරි ඔය‍ාලා කැමති විදිහ‍ට R1 ලේයර් එක මතු කරගන්න 

පියවර 08
දැන් මිතුරනි.... සුදු පාට තෝරාගන්න ඊළගට  text tool එක තෝරලා..... install කරගත්ත Neuropol කියන ෆොන්ට් එක තෝරලා පින්තුරයේ ඔය‍ාලාට ඔන කරන දෙ  type කරගන්න.
 
 
පියවර 09
දැන් මිතුරනි.... layer පැලට් එක‍ේ අකුරු layer එක උඩ right click කරලා Rasterize Layer කියන එක තෝරන්න...
 
 
පියවර 10
දැන් ctrl එක ඔබාගන layer එක පෙන්වන කොටුව උඩ click කරන්න දැන් පින්තුරයේ අකුරු ටික select වුණ‍ා නේද මිතුරනි මෙන්න මෙ‍හෙම..


ඊටපස්සේ මේ selection එක තව හීනි කරගමු. ඒකට select > modify > contract විදියට යන්න... මම නම් දුන්නෙ මේක‍‍ට 3 ඔය‍ාලත් අවශ්‍ය පරිදි අගයක් යෙ‍ාදන්න....
 


දැන් මිතුරනි.... ctrl + shift + i ඔබන්න. ඒ කරල‍ා මිතුරනි delete එක ඔබන්න එතකොට මෙන්න මේ වගේ තියෙයි.
 
 
 ඊළගට මිතුරනි  ctrl + d ඔබල selection එක නැති කරගන්න 
දැන් මිතුරනි... ලේයර් පැලට් ‍එකේ  මෙන්න මෙතන ක්ලික් කරන්න
 
 
ඊට පස්සේ outer  glow කියන එක තෝරලා පහත පින්තුරේ තියෙන විදියට අගයන් යොදාගන්න
 
 
පියවර 12
1. දැන් ආපහු අලුත් layer එකක් හදන්න මං ඒක  R3 කියල‍ා නම් කරගත්තා එතකොට ඔයාලගේ layer palette එක මෙන්න මේ වගේ තියෙන්න ඕන.
 
 
2.ඊළගට හදපු අලුත් layer  එක select කරලා Gradient Tool එක තෝරාගන්න. (g අකුර ඔබන්න එහෙම නැත්නම් panit bucket tool එක උඩ  right click කරන්න)
 
3.දැන් පහල පින්තුරයේ  විදිහට කරන්න
 
4.එතකොට මේ පින්තුරයේ වගේ menu  එකක් එයි. ඔය‍ාල‍ා අවශ්‍ය පා‍ට මෙතනින් ‍අරගන්න.. මිතුරනි...


5.දැන් මිතුරනි.‍... අලුත් layer  එක තෝරලා පින්තූරය උඩ..  හරහට ඉරක් අඳින්න. එතකොට මෙන්න මේ විදිහ‍ට දිස් වේවි..
 

පියවර 13
දැන්  Gradient එක දාපු layer එකේ mode එක color කියල වෙනස් කරන්න  මෙන්න මෙහෙම මිතුරනි....
ඔන්න වැඩේ අවසන්...
 
  මෙන්න තවත් මං හදපු පින්තූර



එහෙනම් මිතුරනි තවත් ලිපියකින් හමුවෙමු....... ගැටළුවක් තිබුනොත් කමෙන්ට් බෙ‍ාක්ස් එක‍‍ට ද‍ාන්න...

sassasa

‍‍මෙම ලිපියෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණි නම්.. කමෙන්ට් එකක් දැමීමට කාරුණීක වන්න.

0 comments:

Post a Comment

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.