ඔන්න මං Photoshop ඉගෙන ගන්න අාස මිතුරන්ට Photoshop ගැන සරළව කියල දෙන්න තමයි හදන්නේ මිතුරනි... අපි මුලින්ම Photoshop වලින් වැඩ කරන්න කලින් අපි Photoshop වල inter face එක ගැන පොඩ්ඩක් දැනගමු.
Photoshop tool box එක
Photoshop ගැන කතා කරනකොට.. එහි ඇති ප්‍රධානතම අංගයක් තමයි toolbox... මිතුරනි..... tool box එකෙහි ඇති බොහොමයක් tools වලට යටින් තවත් සැගවිච්ච tools පවතී.
මෙම රුපයේ දැක්වෙන්නේ සාමාන්‍ය tool box එකක්
මිතුරනි අපි මෙතැන් සිට tool box එකේ ගැන ඉගෙනගමු..
01. Rectangular Marquee Tool එක
මිතුරනි...Photoshop වලින් අපි පින්තූරයක් සැකසීමේදි අපට අවශ්‍ය කොටස Select කර ගැනිමට
මෙම Tool එක භාවිතා කරයි. මෙමගින් සමචතුරස්රකාර,සෘජුකෝණාස්‍ර හා වෘතාකාර කොටස Select කර ගත හැක. යතුරු පුවරැවේ "M" අකුරෙන් පහසුවෙන් ලබා ගත හැක.
02. Move Tool එක
පින්තූරයක් සැකසීමේදි අපට අවශ්‍ය කොටස නිවැරදිව ස්ථානගත කිරීමට Move Tool එක යොදා ගැනේ. යතුරු පුවරැවේ "V" අකුරෙන් පහසුවෙන් ලබා ගත හැක.
03. Lasso Tool එක
Lasso Tool වල මිතුරනි.... ටූල් තුනකින් සමන්විතවේ. Lasso Tool, Polygonal Lasso Tool, Magnetic Lasso Tool මෙමගින්ද Rectangular Marquee Tool එකේ මෙන් අපට අවශ්‍ය කොටස Select කර ගැනිමට මෙම Tool එක භාවිතා කරයි. නමුත් මෙමගින් Rectangular Marquee Tool එකේ මෙන් නොව පින්තූරයේ ඔබට අවශ්‍ය ඔනෑම කොටසක් Select කරගත හැක.
✺මෙන්න මිතුරනි.. Magnetic Lasso Tool යොදාගෙන Select කර ගත්ත කොටසක්
* Move Tool එක යොදාගෙන වෙනත් පින්තූරයකට දැමු පසු
04. Magic wand tool එක
මෙම ටූල් එකත් භාවිත කරන්නේත් අපට අවශ්‍ය කොටස Select කර ගැනිමටයි. මෙමගින් රෑපයක එකම පාට ඇති කොටස Select කරගත හැක.
ඔන්න මිතුරනි අදට මං පාඩම නතර කරනවා...
මීලග පාඩම ලගදිම අරන් එන්නම්... ඔයාලට සුබ අනාගතයක්..
......ERAND.R ....
එල මචං පට්ට
ReplyDeleteතැැැැන්ක්..............
ReplyDeleteස්තුතියි
ReplyDeletethANK sachithra
Delete