1 පියවර
මුලින්ම මිතුරනි පින්තූරේ අරගන්න අරගෙන Background Layer එකේ Copy 2ක් ගන්න ( Ctrl +J ) මේ විදියට. මම ලේසියට ඒවා R1 හා R2 කියලා නම් කරගත්තා.
හරිනේ දැන් Background Layer එකයි R2 Layer එකයි අතරට අලුත් Layer එකක් (Shift+Ctrl+N) දාලා එකට කලු පාට දෙන්න මිතුරනි මේන්න මෙහෙම
ඊට පස්සේ ctrl+' දීලා Grid දාගන්න මිතුරනි මෙන්න මෙහෙම
2 පියවර
පින්තූරේ වියන්න ඕන පටි ටික හදාගන්න තමයි මිතුරනි දැන් හදන්නේ මුලින්ම R2 Layer එකේ Rectangular Marquee Tool (M) යොදාගෙන Selection දාගන්න මුලින්ම මිතුරනි ඔයාලා මෙන්න මෙතන මේ විදිහට හදාගන්න
දැන් පින්තූරයේ සිරස් අතට Selection දාගන්න මෙන්න මේ විදියට මිතූතලා..
දැන් Layer Mask එකක් දෙන්න දාපුවහම මෙන්න මේ විදිහට එනවා මිතුරනි
දැන් තිරස් අතට Selection දාගන්න R2 layer එකට කරපු දේවල්ම R1 layer එකට කරන්න ඒකෙදි Selection එක විතරක් මෙහෙම දාගන්න
3 පියවර
දැන් R2 layer එක තෝරලා Chase Board එකක විදියට කොටුවක් ඇර කොටුවක් Section දාගන්න.. මිතුරනි මෙන්න මෙහෙම මිතුරනි...
දැන් කොටු ටික දාගෙන ඉවරවෙලා Ctrl +J දෙන්න එතකොට Select කරපු කොටු ටික Copy වේවි අලුත් Layer කට මේ විදියට
දැන් අලුතෙන් ආපු Layer එක තෝරලා Ctrl +Alt + G දෙන්න Clipping Mask වේවි මේ විදියට
දැන් අපි R1 Layer එක තෝරලා කලින් R2 Layer දි Select කරද්දි අතහැරපු කොටු Select කරගන්න
මේ විදියට
හරි දැන් ඉතින් දෙන්න Ctrl +J කොටු ටික Copy වෙයි අලුත් Layer එකකට.. දැන් ඒ ලේයර් එකත් තෝරලා Ctrl +Alt +G දෙන්න මේන්න මේ විදියට එයි
4 පියවර
දැන් Ctrl + ' දීලා Grid Off කරගන්න මිතුරනි
දැන් Layer 2 හා Layer 3 වලට මෙන්න මේ විදියට Outer Glow එකක් දෙන්න
මිතුරනි මං පහල පින්තූරෙ රවුම් කරලා තියෙන්නේ Blend Mode කියන තැනට Multiply කියලා දෙන්න.
ඔයලා තෝරගන්න පින්තූරෙ විදියට තමයි මිතුරනි සැකසුම් වෙනස්කරගන්න.පින්තූරය පැහැදිලි මදි නම් එය පින්තූරය මත ක්ලික් කරන්න.
ඔන්න වියපු පින්තූරේ වැඩ අවසන්... දැන් සේව් කරගන්න
මෙන්න මං හදපු තවත් පින්තූරක්
එහෙනම් මිතුරනි ඔයාලට මොකක් හරි ගැටළුවක් තිබුනොත් කමෙන්ට් බොක්ස් එකට දාන්න
එල මචං ගොඩක් වටිනා දෙයක් ඔය කියල දුන්නේ
ReplyDeletethnk yalwa,,,,,
ReplyDelete